Print this Article


සුවඳැති සිත් මල

සුවඳැති සිත් මල

දවස පුරා කළ කී දෑ
නිදි යහනෙහි මෙනෙහි කරමි
ඇතැම් දෙයක් හොඳ වුණාට
ඇතැම් දෙයක් සිත පාරයි
බැරිය හිතට වසන් කරනු

සුවඳැති සිත් මල
පුබුදයි මුළු ලොව

හදේ කිළිටි පහකරනට
මෙත් සිත වඩවමි නිරතුරු
මා වට කර සිටිනා සැම
සසර පුරා ලේ නෑයෝ
කිසි වරදක් නොකරමි මම

සුවඳැති සිත් මල
පුබුදයි මුළු ලොව

නොදැන වැරැදි සිදුවුණාට
සැම වරදට සමාව දෙමි
උදව් කරමි සැමවිටකම
වාද බේද අමතක කර
එක කුස සොහොයුරකු විලස

සුවඳැති සිත් මල
පුබුදයි මුළු ලොව