Print this Article


අමා සුවය

අමා සුවය

ඇරැඹුමක් නොපෙනේ
දිගු සසර ගමනේ
අවිදු අඳුරෙන් වැසුණු මිනිසුන්
බැඳී තණ්හාවෙන්
නොසොයා ම  කෙළවරක්
දුවති දුක් පොදි බැඳන්

දෙසා  ඇති මුත් මඟක්
නසා දැමුමට  කෙලෙස්
වසා ගෙන ඇත නිවන්
නිසා අඳ වී නුවන්

සතර සිහිවටනින්
විවර   කරමින නුවන්
නිතර  පුහුණුව  ලබා
ලබමු සුවය  ම අමා