Print this Article


කඨින පින්කම: ගල්කිස්ස බෞද්ධායතනයේ කඨින පින්කම

කඨින පින්කම:

ගල්කිස්ස බෞද්ධායතනයේ කඨින පින්කම

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයෙහි කඨින මහ පුණ්‍යොත්සවය විහාරාධිපති දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර වස් ආරාධනයට මූලිකත්වය ගෙන කටයුතු කරන දෙහිවල කවුඩාන ශ්‍රී සුධර්මා මාවතෙහි පදිංචි හික්කඩුවගේ ජගත් ප්‍රියලාල් මහතා සහ රේණුකා පොන්නම්පෙරුම මහත්මියගේත්, නෙදර්ලන්තයේ ජීවත් වන හික්කඩුවගේ සජිත් ප්‍රියලාල් මහතා සහ ටිල්ඩා ආදිමා මහත්මිය ඇතුලු පවුලේ ඥාතීන්ගේත් බෞද්ධායතන දායක සභාවේ සභාපති මහාචාර්ය රාජා ගුණවර්ධන මහතා සහ ලේකම් ශාස්ත්‍රපති පුෂ්පකුමාර කුලතුංග මහතා ඇතුළු පින්වතුන්ගේත් අනුග්‍රහයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 13 සෙනසුරාදා උදේ 6.30 ට කඨින පූජාව සහ සඟසතු දානය පිරිනැමීමට බලාපොරොත්තු වේ.

වස් ආරාධනය කළ පින්වතුන් විසින් රුපියල් පහළොස් ලක්ෂයකට අධික මුදලක් වියදම් කොට නවීකරණය කරණ ලද ආගන්තුක කාමර විවෘත කිරීම ද එදින සවස 6.00 සිට 7.00 දක්වා ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර හිමියන් පවත්වන කඨිනානිශංස ධර්ම දේශනාවකි. මෙම ධර්ම දේශනාව බෞද්ධායතනයේ පින්වතුන්ට ඛධධථ තාක්ෂණය ඔස්සේ තම නිවසේ සිට ශ්‍රවණය කොට පින් අනුමෝදන් විය හැකි ය.