Print this Article


උත්තම නාහිමි පා යුග වැඳුමට අවසර

උත්තම නාහිමි පා යුග වැඳුමට අවසර

පතළ මහා වියතකු සේ වැඩසිටි දේසේ
විසුල මහා මෙහෙවර නිමකොට හෙළ දීපේ
කුසලධම්ම නාහිමි සඳ වැලමිටියාවේ
නිසල වූහ සැඟවුණු සේ සඳ අඹරෝරේ

මහ පිරිවෙන්පති පෑලියගොඩ විදුලකරේ
කුලපති සේ වැඩසිටි කැලණිය සරසවියේ
නිලතල කොතෙකුත් ලැබූණි ද සිල්වත් දිවියේ
මහ මෙර සේ නොසැලුණි! අස්තිර ජීවිතයේ

සදහම් මුතු වරුෂාවෙන් දියතම තෙත් කළ
සිත්තම් කළ රූ වන් දුටු දුටු නෙත් සනහන
පින්දම් කෙරුමට කාටත් මංපෙත් පෑදුව
උත්තම නාහිමි පායුග වැඳුමට අවසර

රජ මැඳුරට සේ පොල්අතු පැලට ද වැඩියේ
නිහතමානි ගුණය ම නොවැ ඉන් ඔප දැමුවේ
අවැසි ම කාලය අබියස නැවතුම දිවියේ
යළි පුරවනු බැරි හිඩැසකි හිම්, හිමි කෙරුවේ

සිසු හෙළ සඟ පරපුරකට මංපෙත් පාදා
ඔසු දම් පැන් පෙවූ සමිඳු පෙරමඟ විමසා
පසු කළ කාලයම අපිස් ගුණ දම් වඩවා
සඳු මෙන් සසුනඹර දිලුන හිමි සැඟවූවා