Print this Article


කුසලදම් නාසමිඳු පා යුග වන්දනා කරනෙම්

කුසලදම් නාසමිඳු පා යුග වන්දනා කරනෙම්

පිපුණ හසරැලි මුවග නිබඳ ව
දුටු දනන් සිත් පමොද කර වූ
කුසලදම් නාසමිඳු වැලමිටියාවේ
බැසගිය දිදුල සඳවත

විදුලකර පාළුයි
සිරිලකම පාළුයි

සහස් සුවහස් සිසුන් කොඳ මල්
සිප් දියෙන් විකසිත කළා වූ
සිහිල් ගඟුලකි කෙලෙස් මළ දන
හදින් සිඳලූ යතිවරාණන

විදුලකර පාළුයි
සිරිලකම පාළුයි

ජාති ආගම් කුලය කිසි විට
නොමැති පරමාදර්ශි දිවියකි
සමිඳ ඔබගේ දයා ගුණ කඳ
කුසලදම් නා සමිඳුනේ

විදුලකර පාළුයි
සිරිලකම පාළුයි