Print this Article


සදහම් අරණ

සම්මා සම්බුද්ධ ගුණය

තුන් කල්හි ම පැවැ ති
පදරුත් සියල්ලොවැ ඇ ති
ඇතැඹුල සේ දැන ග ති
එයින් සම්මා සම්බුදුන යෙ ති

එදා වීදාගම මෛත්‍රීය හිමිපාණන් වහන්සේ විසින් බුදුගුණ අලංකාරය නම් පුස්තකයෙන් අප නිදුකාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය මනාව පැහැදිලි කර දුන්හ. සම්මා සම්බුද්ධ යන්නෙන් අදහස් වන්නේ , අතීත, අනාගත, වර්තමාන යන කාල තුනට ම අයත් ව ලෝකයෙහි පවතින සියලු පදාර්ථයන් අතෙහි ඇති ඇතැඹුලක් (නෙල්ලි ගෙඩියක්) මෙන් තමන් වහන්සේ විසින් ම මනාව දැනගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක යන්න යි. එමෙන් ම පරම සත්‍යය නම් වූ චතුරාර්ය සත්‍යය ගුරු උපදේශ නොමැති ව අවබෝධ කර ගත් නිසාවෙන් සම්මා සම්බුද්ධ නම් වන සේක. දැනගත යුතු සියලු දෑ තමන් වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කරගත් නිසාවෙන් අප නිදුකාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

****

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අප ගෞතම සම්බුද්ධ ශාසනයේ ධුතාංගධාරී මහරහතන් වහන්සේ අතර අගතැන්පත් වූ හ. බුදුරජාණන් වහන්සේ පෙර වූ පාංශුකූලික සිවුර පෙරවීමේ වාසනාව ද හිමි වී තිබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට යි. නික්ලේශි වීතරාගි වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

****

තාත්තා

මගේ ලෝකයේ වීරයා මගේ තාත්තා ය. නම ආර්.ඒ. උපාලි කුසුම්සිරි වන ඔහු හමුදා නිලධාරියෙකි. ඔහු මට ගොඩක් ආදරෙයි. මට කතන්දර කියා දෙනවා.මා සමඟ පන්සල් යනවා. ඔහු මට ගුණ යහපත් දේ කියා දෙනවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. මම මගේ තාත්තාට ගොඩක් ආදරෙයි. මම මගේ තාත්තා කියන ලෙස රටට වැඩදායි පුරවැසියෙක් වෙනවා.

****

මව්පියන්ට ගරු කරමු

අප මෙලොව එළිය දුටු දා පටන් අපගේ ජීවිතය ලස්සන කරන්නට වෙර දරන්නේ අපගේ ආදර මව්පියන් ය. අපගේ යහපැවැත් ම උදෙසා දිවා රැය නොබලා දහඩිය හෙළන ආදර තාත්තා මෙන් ම, ගෙවෙන හැම මොහොතක් ම අප වෙනුවෙන් වෙහෙසන ආදර අම්මා අපගේ සෙවනැල්ල සේ ළඟ සිටිමින් නිරතුරු අප රකින්නී ය. මතු දිනෙක අත් පා වාරු නැති වූ කලට මව්පියන්ට අපගේ සරණ අවැසි ය. අම්මා, තාත්තා රැක බලා ගන්නට හා ඒ දෙදෙනාට ගරු කිරීමට අපි ද සැමදා හැකි උපරිමයෙන් කැපවෙමු.

****