Print this Article


කඨින චීවර පූජාව

කඨින චීවර පූජාව

ඉබ්බාගමුව කඳුලව ඓතිහාසික මැදිරිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨීන චීවර පූණ්‍ය මහෝත්සවය මෙම 30/31 දෙ දින සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වීමට කඳුලව මැදිරිය රජමහා විහාරය, දන්තුරේ රජමහා විහාරය ඇතුළු තදනුබද්ධ විහාර ගණයේ විහාරාධිපති මහනුවර මල්වතු මහා විහාරවාසී දන්තුරේ විපස්සී නාහිමි ඇතුලු විහාරස්ථ දායක සභාව, සද්ධාසීල උපාසක සමිතිය, තරුණ බෞද්ධ සමිතිය තීරණය කර ඇත.

ඒ අනුව 30 වැනි දින රාත්‍රී 7.00ට ගොකරැල්ල කන්දේගෙදර පුරාණ විහාරාධිපති විවිත්‍ර ධර්‍ම කථික තුඹුල්ලේ පේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් කඨිනානිසංස ධර්‍ම දේශනාව පැවැත්වේ. 31 වැනි දින අලුයම 5ට කඳුලව ඉහළගම බුලත් ගෙදර එච්.එම්. දිනේෂ් තුසිත කුමාර මහතාගේ නිවසේ සිට කඨින වස්ත්‍රය විහාරස්ථානයට වැඩම කරවීමේ කෙටි පෙරහර සිදු කෙරේ. එදින දවල් මහා සංඝ රත්නය වැඩම කරවා පැවැත්වෙන මහා සංඝික දානමය පින්කම හා කඨින චීවර පූජාව පවත්වා විහාරස්ථානයේ අපවත් වූ ස්වාමින් වහන්සේලාට හා සතර පේරුවේ මියගිය සියලු දායක දායිකාවන්ට පින් පැමිණවීම සිදු කෙරේ.