 
				සැනසුම 
ඇති තැන 
				
				 
				 
මනු දිවි මල් උයනේ 
පියකරු කුසුමක්වී 
සුවඳ දසත පතුරා 
අකුසල් සිතිවිලි මළ 
සිතින් මුදා හැර 
				 
බුදු මඟ යනු මැනවී 
සැදැහැ සිතින් පිබිදී 
				 
නෙත රැඳී සොඳුරු දසුන් 
ලොබින් තුරුලු කරලා 
සතු කර ගත්ත ද  
ගෙන යනු බැරි වේ 
භවයෙන් භවයට 
				 
බුදු මඟ යනු මැනවී 
සැදැහැ සිතින් පිබිදී 
				 
පියාසලන විහඟකු සේ  
අත්හළ විට නො ඇලී 
සුරැකුම හා සැනසුම 
එහි වේ සැම කල්  
පරම සුවය වූ  
නිවනට මඟ වේ 
				 
බුදු මඟ යනු මැනවී 
සැදැහැ සිතින් පිබිදී 
				 
ආචාර්ය  
රත්නපාල වික්රමසිංහ  |