[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

යාපහුව පුරවරයට ආලෝකයක් වූ මහව උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන් විහාරස්ථානය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික යාපහුව පුරවරයේ කටුවන්නා කෝරළයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන් විහාරස්ථානය පිහිටා තිබේ. 1995.05.10 දී ආරම්භ කරන ලද ඉහත පිරිවෙන් විහාරස්ථානයේ නිර්මාතෘ වන්නේ දැනට අනූපස් වැනි වියෙහි පසුවන පිරිවෙන් විහාරස්ථානය ප්‍රමුඛ එම සියලු විහාරස්ථානයන්හි අධිපති, වන්නි දෙමළ හත්පත්තු දෙකේ සංඝනායක බළල්ලේ ශ්‍රී පඤ්ඤාලෝකාභිධාන නායක නාහිමිපාණන් වහන්සේ යි. උන්වහන්සේ සියලු වගකීම් තම වැඩිමල් ශිෂ්‍ය වූ ශ්‍රී ඉන්දසුමන පිරිවෙනෙහි වර්තමාන කෘත්‍යාධිකාරී රැකෝගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේට පවරා දැනට වලස්සෑගල පුරාණ විහාරස්ථානයෙහි විවේක සුවයෙන් වැඩ වෙසෙති. පිරිවෙන් විහාරස්ථානය ප්‍රමුඛ සියලු විහාරස්ථානයන්හි වගකීම් කරට ගෙන ඒවා පිළිබඳ සොයා බලා කටයුතු කරන්නේ රැකෝගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ යි. උන්වහන්සේ පිරිවෙන් විහාරස්ථානයෙහි වැඩ වෙසෙමින් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ත්, දායක පින්වතුන්ගේ ත් සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරති. මහව උඩගම ශ්‍රී ඉන්දසුමන මහා පිරිවෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ පවා ප්‍රසාදයට ලක් වූ පිරිවෙනකි. කුඩා ස්වාමීන් වහන්සේලා 40කට අධික සංඛ්‍යාවක් වැඩ වසන එම පිරිවෙනෙහි දෛනික සියලු කටයුතු කාල සටහනකට අනුව සිදු වේ.


වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]