Print this Article


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන්වලට ප්‍රත්‍ය පහසුකම්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන්වලට ප්‍රත්‍ය පහසුකම්

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් සඳහා ප්‍රත්‍ය පහසුකම් සැපයීමට මැලේසියාවේ මහා කරුණා පදනම විසින් පියවර ගෙන තිබුණි. එහි අධ්‍යක්ෂ ජෙනරාල් බූටාවත්තේ සරණංකර නා හිමියන් විසින් මෙම ප්‍රදානයන් සිදු කරන ලද අතර, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ පූර්ණ සංවිධානයෙන් හා පොළොන්නරුව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ දමුණුපොළ අනුරුද්ධ හිමියන්ගේ සහභාගිත්වයෙන් මේ කටයුතු සිදු කරන ලදී. දිඹුලාගල පිරිවෙනේ දී අදාළ ප්‍රත්‍ය පහසුකම් මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන් විසින් පරීක්ෂා කර බැලූ අවස්ථාව හා පිරිවෙනක් සඳහා අදාළ ප්‍රත්‍ය පහසුකම් පිරිනැමූ ආකාරය සේයාරූවලින් දැක්වේ