Print this Article


බුත්තල සියලුම විහාරස්ථානවලට වියළි ආහාර ද්‍රව්‍ය

බුත්තල සියලුම විහාරස්ථානවලට වියළි ආහාර ද්‍රව්‍ය

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විහාරස්ථානවලට දායක දායිකාවන්ගේ පැමිණීම අඩුවීම නිසා බුත්තල ප්‍රදේශයේ සියලුම විහාරස්ථානවලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කෙරිණි. බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෞද්ධ කටයුතු සමායෝජක, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක බුත්තල යුදඟනාව රජමහා විහාරාධිපති ගල්ටැම්වත්තේ නන්දරතන ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් පරිදි මාතර ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් පිරිසක් පියවර ගෙන ඇත.

එම වියළි ආහාර ද්‍රව්‍ය විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත භාරදුන් අවස්ථාවයි මේ.මෙම අවස්ථාවට බුත්තල ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩමකර සිටියහ.