Print this Article


බුදුරජාණන් වහන්සේ වන්දනා කරමු

බුදුරජාණන් වහන්සේ වන්දනා කරමු

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස දම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.

බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
යේච බුද්ධා අතීතාච - යේච බුද්ධා අනාගතා
පච්චුප්පන්නාචයේ බුද්ධා - අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං - පාදපංසුවරුත්තමං
බුද්ධෝයෝ ඛලිතෝ දෝසෝ - බුද්ධෝ ඛමතු තං මමං

ඒ භාග්‍යවතුන් වහ්නසේ සියලු පූජාවන් ලැබීමට සුදුසු ය යන අරුතින් අරහං නම් වන සේක. සියල්ල තමන්ගේ ඤාණයෙන් ම මනා කොට දැන ගත් සේක. යහපත් ගමනින් හා වදනින් යුතු වන සේක. ලෝකය දන්නා සේක. අන් අයට හික්මවන්නට නොහැකි වූවන් හික්මවීමෙහි හැමට ම වඩා සමත් වූ සේක. දෙව් මිනිසුන් සහිත සියල්ලට ම ගුරු වූ සේක. සත්‍යය අවබෝධ කළ සේක. සියලු පව් නැසූ සේක.

මම නිවන් දකින තෙක් බුද්ධ රත්නය සරණ යමි. අතීතයේ බුදු ව වැඩ සිටි, මෙ කල බුදු බව ලැබූ, මතු බුදු බව ලබන සියලු බුදුවරුන් මම හැම කල්හි වඳීමි. මට බුදුරදුන් හැර වෙන පිහිටක් නොමැත. බුදුරජාණන් වහන්සේ මාගේ උතුම් පිහිටයි. මේ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගල්‍යයක් වේවා! බුදුරජාණන් වහන්සේගේ උතුම් පා තැබූ තැන වූ, සිරිපා දූවිල්ල ද මම හිස නමා වඳීමි. බුදුරජාණන් වහන්සේට මගෙන් සිදු වූ යම් වරදක් වේ නම් උන් වහන්සේ එයට සමාව දෙන සේක්වා!