Print this Article


දුෂ්කර පළාත් රෝහල් සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

දුෂ්කර පළාත් රෝහල් සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල රෝහල් 35ක් වෙත කොවිඩ් ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය රුපියල් ලක්ෂ 287ක් වටිනා ඔක්සිජේනරේටර්, ඔක්සිමීටර්, අධෝරක්ත උෂ්ණත්වමාන, මුඛ ආවරණ ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා සිදු කෙරිණි.

කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම වන්දිම නාහිමියන් විසින් මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබිණි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ජගත් සුමතිපාල, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය යන මහත්වරු ඇතූළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.