Print this Article


බොදු පුවත්

කුලදරුවකු සසුන්ගත කිරීමේ පින්කමක්

ඉබ්බාගමුව කඳුලව ඓතිහාසික මැදිරිය රජමහා විහාරස්ථානයේ පෞරාණික සංඝාවාසයේ නවීකරණ කටයුතු නිම කොට ගෙවදීම සහ කුලදරුවකු සසුන්ගත කිරීමේ පින්කම සැප්තැම්බර් මස 22 වැනි දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි පිරිසක ගේ සහභාගීත්වයෙන්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල ව පවත්වන ලදී. මහනුවර මල්වතු මහා විහාරවාසී, කඳුලව මැදිරිය රාජමහ විහාරය, ඓතිහාසික දන්තුරේ රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, කර්මවාගාචාර්ය, ධර්මාචාර්ය දන්තුරේ විපස්සි නාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සිදු කරන ලදී. නව සාමණේර හිමියන් කළු අග්ගල මේධානන්ද නමින් සසුන්ගත විය.