Print this Article


අන්න බලන් පුතු පියතුමො වඩිතෙයි

අන්න බලන් පුතු පියතුමො වඩිතෙයි

රන්සිරි පා පියුමයි
සක් ලකුණින් බැබළෙයි
චාමර චත්‍ර දෙපා සරසයි
අන්න බලන් මගෙ රාහුල පුතුනේ
ඔබ පියතුමො වඩිතෙයි
බුදු පදවිය ලබලා
සැකිකුල සුකුමල වූ
දෙතිස් ලකුණු සැපිරූ
දෙව් බඹු මිනිසුන් වැඳුම් ලැබූ
ඇත් රජු විලසින් පියතුමො වඩිතෙයි
පොඩි රාහුල පුතුනේ

නිලඹර පුන් සඳකි
වට රන් තරු රැසකි
සව්වන් මැද සදහම් දෙසති
පියුම් විලක රන් පියුමකි පියතුමො
පොඩි රාහුල පුතුනේ