Print this Article


වන්දනා ගමනක්

වන්දනා ගමනක්

ඔබ මා හැර ගිය පසු
සැරයටිය ගත් මම
යළි
සිරිපා වඳීනු පිණිස
ගියෙමි
පුදුමෙක මහත
තැබූ පියවරක් පියවරක් පාසා
මහා සමනල කන්ද
මගේ දුක උරා ගෙන
මා සුවපත් කරයි