සැනසෙන්නෝ
				
				 
				 
				 
පිනෙහි යෙදෙන්නෝ 
ඉන් සැනසෙන්නෝ 
එලොව මෙලොව සතුටින් 
දිවිය ගෙවාලන්නෝ 
සුගතියෙ ඉපදෙන්නෝ 
පවෙහි යෙදෙන්නෝ 
දුකම විඳීන්නෝ 
එලොව මෙලොව දුකිනේ 
දුගතියටම යන්නෝ 
නිරයේ පැසවන්නෝ 
				 
දන් සිල් බවුනින් 
පින් සපිරීවෝ 
මඟ පල ලැබ ගන්නෝ 
සක්විති රජකමටත් 
වැඩියෙන් අගනා වූ 
නිවනින් සැනසෙන්නෝ 
				 
ඉද නන්දතී පෙච්ච නන්දතී 
කත පුඤ්ඤෝ උභයත්ත නන්දතී 
 
(ධම්මපදය යමක වග්ගය ඇසුරෙනි) 
ආචාර්ය රත්නපාල වික්රමසිංහ  |