Print this Article


කොටපොල අමරකිත්ති නා හිමිපාණන් වහන්සේට සංඝනායක ධූරයක් පිරිනැමෙයි

කොටපොල අමරකිත්ති නා හිමිපාණන් වහන්සේට සංඝනායක ධූරයක් පිරිනැමෙයි

සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තනතුර කොටපොල අමරකිත්ති මාහිමිපාණන් වහන්සේට ප්‍රදානය කොට ඇත.

සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ අතිගරු මහා නායක, අග්ගමහා පණ්ඩිත, දොඩම්පහළ චන්ද්‍රසිරි මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විධායක සංඝ සභාව නොබෝදා මෙම තීරණය ගෙන ඇත. සේරුවිල රජමහා විහාරයට අයත් මංගල ධර්ම කීර්ති, ශ්‍රී නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරය ද, මේ සමගම කොටපොල අමරකිත්ති නා හිමිපාණන් වහන්සේට ප්‍රදානය කොට ඇත.