Print this Article


මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගෙන් දිළිඳු පවුල් දෙකකට හිසට සෙවණක්

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගෙන් දිළිඳු පවුල් දෙකකට හිසට සෙවණක්

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පැරිස් ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිගේ ධන පරිත්‍යාගයෙන් අනුරාධපුරයේ දිළිඳු පවුල් දෙකකට අංගසම්පූර්ණ නව නිවාස දෙකක් පරිත්‍යාග කෙරේ. කොරෝනා වෛරසය හේතුවෙන් ආර්ථික අපහසුතාවන්ගෙන් පීඩාවට පත්ව සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලය, විලච්චිය, උපතිස්සගම, දුනුමඬලාව හා ඇලපත්ගම යන ගම්මානවල පවුල් 412 කට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය හා මුදල් පරිත්‍යාග කිරීම පසුගියදා උන්වහන්සේගේ අනුග්‍රාහකත්වයෙන් සිදුකළ අතර එම පවුල් අතරින් තෝරාගත් දිළිඳු පවුල් දෙකකට මෙලෙස නව නිවාස දෙකක් පරිත්‍යාග කෙරේ. මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ නිවාස ප්‍රමාණය විසිපහකට අධික ය.