Print this Article


කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්ෂණ කටයුතු අරඹයි

කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්ෂණ කටයුතු අරඹයි

පබ්බතාරාමයක් ලෙස සැලකෙන මෙම ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයේ කැනීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ අනුග්‍රහයෙන් ආරම්භ කෙරුණි.

2021 අප්‍රේල් මස කැනීම් තුළින් එහි පිහිටි ස්ථුපයක නටඹුන් ඉස්මතු වූ අතර එය මෙම ‍භූමියේ ඉපැරණි විහාර සංකීර්ණය බව තහවුරු විය. එහි සංරක්ෂණ කටයුතු බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් යුද හමුදා 24 වන බල ඇණියේ ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තුවේ සහාය ලබා ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොබෝදා ආරම්භ කරන ලදී.