Print this Article


පිරිකර පූජාවේ අනුසස් - 2: වස්ත්‍ර පූජා කිරීමෙන්...

පිරිකර පූජාවේ අනුසස් - 2:

වස්ත්‍ර පූජා කිරීමෙන්...

බුදුරජාණන් වහන්සේට හා උතුම් සංඝයා වහන්සේට වස්ත්‍ර පූජා කිරීමෙන් කර්මයට සුදුසු වූ අනුසස් අටක් ලැබේ.
රන්වන් සිරුරක් ලැබේ.
ශරීරයේ රජස් නැත්තෙක් වේ.
රැස් විහිදෙන ශරීර ඇති වේ.
ප්‍රතාපවත් වේ.
සිරුර සිනිඳු වේ.
භවයෙහි හැසිරෙන කල හිස මත සුදු පැහැය ඇත්තා වූද, කහ පැහැය
ඇත්තා වූ ද, රතු පැහැය ඇත්තා වූ ද ලක්ෂ ගණනින් වස්ත්‍ර දරන්නේ
වේ. මේ වස්ත්‍ර දානයේ ඵලයන් ය.