Print this Article


පිබිදෙන මුලතිව් තේමාව යටතේ බෞද්ධාලෝක පදනමෙන් ආධාර

පිබිදෙන මුලතිව් තේමාව යටතේ බෞද්ධාලෝක පදනමෙන් ආධාර

මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පිබිදෙන මුලතිව් තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් රාශියක් සඳහා බෞද්ධාලෝක පදනම මුල්‍ය දායකත්වය ලබා දෙයි. මේ අනුව මුලතිව් සිලාවත්තේ ස්ථිර නිවසක් නොමැතිව සිටි ලක්ෂිකන් වාස් යන යුවලට නිවසක් තනා දීමට මුල්ගල් තැබිමක් ද, සංජය පීරීස් යන අයට බෝට්ටු එන්ජිමක් මිලදී ගැනීමට මුදල් පරිත්‍යාගයක් ද,අලම්පිල් ප්‍රදේශයේ 24 වන බල ඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව කේන්ද්‍ර කර ගිනිමින් එකම ස්ථානයක ළමා උද්‍යානයක්, ප්‍රජා ශාලාවක් සහ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයක් සෑදීමට මෙදිනම මුල්ගල තබන ලදී.

මෙම ව්‍යාපෘතින් සඳහා සම්බන්ධීකරණය සහ ශ්‍රම දායකත්වය දරනු ලබන්නේ මුලතිව් අලම්පිල් පිහිටි 24 වන බල ඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි.

මෙම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උප කුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝ නායක බෝදාගම චන්දිම හිමි, මිහින්තලා රාජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංඟුණ වැවේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නයත්, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති සහ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා, බෞද්ධාලෝක පදනමේ අධ්‍යක්‍ෂිකා සමන්තා සුමතිපාල මහත්මිය, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ප්‍රදීප් ගුණවර්ධන මහතා, 24 වන බල ඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රුවන් රූද්‍රිගූ මහතා ඇතුළු යුදහමුදා සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටිහ.