Print this Article


උපසම්පදා පින්කමක්

උපසම්පදා පින්කමක්

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ මහා සංඝ සභාවේ 36 වන උපසම්පදා විනය කර්මය පසුගියදා මාතර තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි..

ශ්‍රි රෝහණ සංඝ සභාවේ වර්තමාන වැඩ බලන මහානායක ධුරන්දර ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති අගලබඩ පියසිරි අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි උපසම්පදා පුණ්‍ය කර්‍ම පූජෝත්සවය දින තුනකදී සාමණේර හිමිවරුන් 24 නමක් අධිශිලසංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීම සිදු කළහ..

තිහගොඩ හා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිස් ස්ථාන හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම උපසම්පදා විනය කර්මය සිදුකරන ලද අතර පළමු දිනයේ දී, සාමණේර හිමිවරුන් වන පදලංගල භද්දිය,පරපාමුල්ලේ සිරිසුමන,සූරියවැවේ සිරිරතන,උඩත්තව විජිත,අලපලාදෙණිය සිද්ධාර්ථ,කතරගම ඉන්ද්‍රරතන,මැදමුලන මංගල,වැල්ගොල්ලේ ඥාණරතන යන හිමිවරු අධිශිල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිට වූහ.