Print this Article


විධායක කාරක සංඝ සභාවේ සභික ධූරයක්

විධායක කාරක සංඝ සභාවේ සභික ධූරයක්

මාතර ගොම්බද්දල ශ්‍රී ශෛලාරාමාධිපති,සද්ධර්‍ම කීර්ති,ශ්‍රී සාරානන්ද නන්දාභිධාන මාතර මහ දිසාවේ මොරවක් කෝරළයේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත ගොම්බද්දල සුමනවංශ නාහිමිපාණන් වෙත, ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සංඝ සභාවේ සභික ධූරයක් ශ්‍රී‌ රෝහණ සංඝ සභාව විසින් පිරිනමා තිබේ.

ශ්‍රී රෝහණ පාර්ශවයේ වැඩ බලන මහා නායක මහෝපාධ්‍ය විහාරාධිපති,ශාස්ත්‍රපති අගලබඩ පියසිරි නාහිමි විසින් ඒ සඳහා වන සන්නස් පත්‍රය,පසුගිය දා ඌරාපොල ශ්‍රී රතනජෝති පිරිවෙන් විහාරස්ථ රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී උන්වහන්සේට පිරිනමන ලදී.