Print this Article


ජන්මෙ ද පුරුද්ද ද

ජන්මෙ ද පුරුද්ද ද

වීදාගම හිමියන්ගේ පන්සලේ ඇති කළ පූසා අපූරු හැකියාවක් සහිත සුරතලෙකි. තම ශිෂ්‍යයා වූ තොටගමුවේ රාහුල හිමියන් අමතා තම සුරතලාගේ හපන්කම වීදාගම හිමියන් නිතර වර්ණනා කළා. වීදාගම හිමියන් පොත් බලන හැම වෙලාවකදීම පූසා ලන්තෑරුම අල්ලා සිටීමට පුරුදු විය. රාහුල හිමියන්ට පූසා පෙන්වා වීදාගම හිමියන් පවසනුයේ බලන්න රාහුල ජන්මෙට වඩා පුරුද්ද ලොකු නේද? එහෙත් රාහුල හිමියන් ඊට එකඟ නොවූහ. එක් දිනක් බළලා ලන්තෑරුම අල්ලා සිටින විට රාහුල හිමියන් මීයන් කීප දෙනෙක් ඒ අසලට ගෙනවිත් දැම්මා. වහා කලබල වූ පූසා ලන්තෑරුම අත්හැර මීයන් පසු පස හඹා යන්නට වුණා. රාහුල හිමියන් වීදාගම හිමියන් අමතා පැහැදිලි කළේ, “ගුරු හිමියනි, පෙනුණ නේද පුරුද්දට වඩා ජන්මෙ ලොකු බව.”

පිහිල්ලේ දියට කළයක් නැමුවත්
නොපිරෙයි කළය සැට පැයකින් බැලුවත්
පින්මද එකා බණ දහමින් වෙලුවත්
උගේ ගතිය ඌ නාරියි මැරූවත්

රැවුල එන්න පළමුව තරුණයා වෙති
අලියා එන්න පළමුව මිණි හඬ ඇසෙති
ගොරවා ලන්ට පළමුව විදුලිය කොටති
උපන් ගෙයි සිරිත බලි ඇරියත් නොයති


පෙර පාසල් දරුවකුගේ සමරු සටහනක්

ඕනෑවට වඩා මට ආදරය කරන්න එපා. මා ඉල්ලන හැම දෙයක්ම මට නොලැබිය යුතු බව මම පැහැදිලිවම දන්නවා. බොහෝ විට ඉල්ලන දේ ලැබෙනතුරු මම අඬ අඬා ඉන්නේ ඔයාලා ඊට දක්වන ආකල්පය කොයිවගේ එකක් ද කියලා දැනගන්න විතරයි.

හැමෝම ඉන්නකොට මගේ වරද පෙන්වලා නිවැරදි කරන්න එපා. ඒ වෙලාවේ ඔයාලා එහෙම කළොත් මට හරිම ලජ්ජයි. මට කෙළවරක් නැතිව දොඩවන්න එපා. මට හිස් පොරොන්දු දෙන්න එපා. මට පොරොන්දු දෙන්න ඉස්සෙල්ල හොඳට හිතල බලන්න. එසේ නොමැති වුවහොත් ඔයාලා දෙන හැම පොරොන්දුවක්ම වැඩක් නැති දෙයක් ලෙස මම සලකනවා. මම හැමවිටම අවංක ළමයෙක් කියලා අපේක්ෂා කරන්න එපා. බය නිසා මම නිතර බොරු කියන බව හිතන්න.

මම ඔයාලාගෙන් ප්‍රශ්න අහනකොට ඊට නොඉවසිල්ලෙන් හෝ නොසැලකිල්ලෙන් හෝ උත්තර දෙන්න එපා. මට ඒ විදියේ උත්තර දුන්නොත් පස්සේ මම ආයේ ඔයාලාගෙන් ප්‍රශ්න අහන එකක් නැහැ.

ඔයාලා හැමවිටම නිවැරදි කියලත් ඔයාලට හැමවිටම වරදින්නේ නෑ කියලත් මට අඟවන්න එපා. ඒ නිසා හොඳ මව්පියන් හැටියට මාත් එක්ක මේ කාලය සතුටින් ගත කරන්න.

සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි - වැඩටත් සමතෙකි

උදයම පුබුදී - මුහුණට දිය දී
කුල දෙව් නමදී - ගේ දොර අමදී

දරුවාට අවශ්‍ය දෑ මව්පියන් පමණක් තීරණය කිරීම සැමවිටම සාධාරණ නොවේ.