Print this Article


සඳ සේ සුදිලේ සඟ රද මාහිමි සැම වෙත සම මෙත් සිසිල බෙදා

සඳ සේ සුදිලේ සඟ රද මාහිමි සැම වෙත සම මෙත් සිසිල බෙදා

සීල සුසංවුත අනතිමානි ගුණ
සමලංකෘත වූ සඟ රජිඳේ
උතුරුතර මහනා හිමි පදවිය
ඔබ සිරිනම පා මුල බැබළේ

තපෝවනයේ සීල සුගන්ධය
ලොව දස දෙස වෙතටම පැතිරූ
දොඩම්පහළ චන්ද්‍රසිරි සඟ රද
මා හිමි වොරැඳෙයි සසුන දිලු

ශ්‍රී ලංකා අමරපුර සඟ ගණ
දුළවා සම්බුදු සසුන නඟා
සඳ සේ සුදිලේ සඟ රද මාහිමි
සැම වෙත සම මෙත් සිසිල බෙදා