Print this Article


සදහම් අරණ

විරිදු

සන්සුන් ලෙස හිත නිවමින් මතුවන ලොව් තුරු ගීය යි
අංගී රස බුදු සමිඳුට මගෙ හදවත මිගදා ය යි
ගලලා එන දහම් රසය හෙළ දෙරණේ පින් බලය යි
තෙවලා සදහම් ගුණයට මගෙ හදවත ලුම්බිණිය යි

හරි කරුණාවෙන් කවදත් කලා කරුට අත හිතදෙන
සිරි සරසවි මව් වඩින්න කමලාසන මත වැජඹෙන
මේ වෙහෙරේ වැඩ වසනා නායක සමිඳුන් අතුලුව
මම නමදිමි හද බැතියෙන් විරිදු ගයන්නට පළමුව

****

මව් ගුණ කවි

ගල්වල වැදි වැදි වතුර ගලනවා
මාළුවො වතුරේ පිහිනා යනවා
ගලන ගඟේ දිය පහරයි අම්මා
මහ සයුරකි ඔබ ආදර අම්මා.....

අහසේ පිනි බිඳු බිමට වැටෙන්නේ
සීත ගඟුල සේ මෙත් පැතිරෙන්නේ
සීත පින්න මගේ ඇඟට වැටෙන්නේ
මුතු ඇටයයි ඔබ මගේ ආදර අම්මේ......

****

ධර්මාශෝක රජතුමා

ධර්මාශෝක රජතුමා ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේගේ සහ ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන වැඩම කළ සංඝමිත්තා තෙරණින් වහන්සේගේ පියාණන් ය. ධර්මාශෝක රජතුමාගේ පළමුවන නාමය “අශෝක” වූ අතර දෙවැනි නාමය “චණ්ඩාශෝක” ය. තෙවැනි නාමය ‘ධර්මාශෝක’ ය. එම නාමය හිමි වූයේ බුදුදහම වැළඳ ගත් නිසා ය.

****

මගේ අම්මයි තාත්තයි

මගේ අම්මයි තාත්තයි ඉර හඳ වාගේ මට විශ්වාසයි. අපගේ ජීවිත සාර්ථක කිරීමට මහත් වෙහෙස මහන්සි වී වැඩ කරනවා. මගේ අම්මාටයි තාත්තාටයි මම හුඟාක් ආදරෙයි. මම වැඩිහිටියකු වී ඔවුන් ආදරයෙන් රැක බලා ගන්නෙමි.

****

සතුන්ට හිංසා නොකරමු

සතුන්ට හිංසා කිරීම අකාරුණික ය. ආහාර සොයා ගෙදරට එන කුරුල්ලන් එළවීම, ගව ඝාතනය, ගෙදරට කෑම සොයා එන සුනඛයන්, බළල්ලු වැනි සතුන්ට වධ දීම, ආදී දෙයට ඇතැමෙක් පෙළඹෙති. අපට ලෙඩ දුක් හැදුණු විට, කුසගින්නක් සැදුණ විට ඒ ගැන කාට හෝ කියා විසඳාගත හැකි ය. එහෙත් සතුන්ට එසේ කියා ඒවා විසඳා ගත නොහැකි ය. ඒ ගැනවත් සිතා තම නිවසට එන සතුන්ට පහර දී එළවා නොගත යුතු ය. ඒ වෙනුවට ඔවුන්ට ආහාර ලබා දී ආදරය, කරුණාව දැක්විය යුතු ය. එම සතුනට අප සැලකූ විට සතුන් ද අපට කාරුණික වෙයි. අප ළඟ පමණක් නොව සතුන් තුළ ද හොඳ ගතිගුණ ඇත. එනිසා සතුන්ට ආදරය කරුණාව දයාව දක්වමු.

****