Print this Article


හින්දු ජන සම්මත හීන කුලයක උපන් කුලීන මිනිසා

හින්දු ජන සම්මත හීන කුලයක උපන් කුලීන මිනිසා

" කුලවතුන්ගේ නොයෙක් වධ හිංසනයන්ගෙන් කුලහීනයෝ ගැහැට වින්දහ. සමාජ තත්ත්වයන් අභිමුඛයේ කුලීනයන්ට හිමි වූයේ අහිමි වීම පමණි. කුලවතුන්ගේ ක්‍රියා කලාපය දෙස බලා සිටීම වරදක් විය. එම වරදට ලද ප්‍රතිවිපාකය වූයේ කුලීනයන්ට තම ශරීරයේ අංග අහිමි වීම යි. එකම මිනිස් ප්‍රජාවක් තුළ උපත ලබා කුලවතුන් යැයි පළඳා ගත් වෙස් මුහුණින් ආරෝපණය වී සමාජයේ තවත් පිරිසක් තලා පෙළා පීඩාවට ලක් කරමින් සාහසික ලෙස සමාජය බිඳහෙළන යුගයක් මෙහිදී ඇරඹිණි.

භාරතයේ සෑම ප්‍රාන්තයක ම ඇති කසළ ඉවත් කිරීම, වැසිකිළි සුද්ධ කිරීම, මළ මිණි ඉවත් කිරීම කුලහීනයන් අතින් සිදු විය. එහෙත් ඔවුන් සමාජයේ එළිමහනේ ගමන් කරන්නේ නම් කෙළ ගැසීමට භාජනයක් ගෙලෙහි එල්ලා ගත යුතු අතර, ඔවුන්ගේ පතුල් සලකුණු මැකී යාමට ඉදලක් වැනි උපකරණයක් පසුපසින් ඇදගෙන යා යුතුව පැවැතුණි. මෙවන් සමාජ වපසරියක අම්බෙඩ්කාර් පහළවීම ඉන්දීය කුලහීන සමාජයට මහත් අස්වැසිල්ලක් විය.

ඒ අනුව ඉන්දීය කුලහීන සමාජයේ පැවැති දුක්ඛිත තත්ත්වයට විසඳුමක් සෙවීමට මූලිකත්වය ගැනීමට අම්බෙඩ්කාර්තුමාට සිදු විය."

නා පැහැදුණු පුද්ගලයන් පැහැදීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. භිම්රාවෝ රාම්ජි අම්බෙඩ්කාර්තුමා ද එම ආදර්ශය ඔස්සේ ගමන් අරඹමින් තම අරමුණු සාර්ථක කර ගැනීම උදෙසා ඉන්දීය ජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට අප්‍රතිහත ධෛර්යයක් දරන්නට විය. නොයෙක් සත්‍යග්‍රහ, පෙළපාලි සිදු කරන්නට විය.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් වසර 2500 පසුව එනම්, ක්‍රි.ව. 1891 දී භිම්රාවො රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දියාවේ හින්දු භක්තිකයකු වශයෙන් උපත ලැබී ය. එම උප්පත්ති සමයේ හින්දු ජන සමාජය කුල ක්‍රමය යටතේ බෙදී පැවතුණි. උපලේඛන කුල ක්‍රමයට අනුව මොහු අයත් වූයේ ‘කුලහීන’ ජන කොට්ඨාසයට ය. පසු කාලයේ දී මේ කුලය ‘හරිජන’ නමින් මහත්මා ගාන්ධිතුමා හඳුන්වා ඇත.

ඉන්දියාව පුරාණයේ සිට ම දැඩිව කුලවාදයෙන් බෙදා ගත් සමාජයක් විය. ඒ බව පුරාණ වෛදික සාහිත්‍යය ග්‍රන්ථ මඟින් ද පැහැදිලි වේ. සමාජය කොටස් සතරකට බෙදා ශුද්‍ර නමින් පහත් කුලහීනයන් වශයෙන් ජන කොටසක් නිර්මාණය කර ඔවුන්ට සමාජ අයිතිවාසිකම් අහිමි කරන්නට විය. එහෙත් මෙම කුලවාදය නමැති කඩතොලුවලට මුවා වී සමාජයේ අතලොස්සක් පමණක් තම සුඛ විහරණය සඳහා විශාල පිරිසකගේ මූලික අයිතිවාසිකම් උදුරා ගත්හ. එහිදී අධ්‍යාපනික නිදහස, ආගමික නිදහස, චින්තනමය නිදහස වශයෙන් කිසිවකට අවසරයක් නොවීය.

පුරාණයේ පැවති පහත් කුලභේදය වර්තමාන ඉන්දීය ජන සමාජය තුළ ද ඉස්මතු කර පෙන්වීමට උත්සාහ දැරීම මෙහි ඇති කනගාටුදායක තත්ත්වයකි.

අම්බෙඩ්කාර්තුමා උපත ලැබූ සමයේ ද මෙම කුල ක්‍රමය ඉන්දියාවේ තදින් ම ව්‍යාප්තව පැවති අතර, එහි බලපෑම ද මහත් විය. කුලවතුන්ගේ නොයෙක් වධ හිංසනයන්ගෙන් කුලහීනයෝ ගැහැට වින්දහ. සමාජ තත්ත්වයන් අභිමුඛයේ කුලීනයන්ට හිමි වූයේ අහිමි වීම පමණි. කුලවතුන්ගේ ක්‍රියා කලාපය දෙස බලා සිටීම වරදක් විය. එම වරදට ලද ප්‍රතිවිපාකය වූයේ කුලීනයන්ට තම ශරීරයේ අංග අහිමි වීම යි. එකම මිනිස් ප්‍රජාවක් තුළ උපත ලබා කුලවතුන් යැයි පළඳා ගත් වෙස් මුහුණින් ආරෝපණය වී සමාජයේ තවත් පිරිසක් තලා පෙළා පීඩාවට ලක් කරමින් සාහසික ලෙස සමාජය බිඳහෙළන යුගයක් මෙහිදී ඇරඹිණි.

භාරතයේ සෑම ප්‍රාන්තයක ම ඇති කසළ ඉවත් කිරීම, වැසිකිළි සුද්ධ කිරීම, මළ මිණි ඉවත් කිරීම කුලහීනයන් අතින් සිදු විය. එහෙත් ඔවුන් සමාජයේ එළිමහනේ ගමන් කරන්නේ නම් කෙළ ගැසීමට භාජනයක් ගෙලෙහි එල්ලා ගත යුතු අතර, ඔවුන්ගේ පතුල් සලකුණු මැකී යාමට ඉදලක් වැනි උපකරණයක් පසුපසින් ඇදගෙන යා යුතුව පැවැතුණි. මෙවන් සමාජ වපසරියක අම්බෙඩ්කාර් පහළවීම ඉන්දීය කුලහීන සමාජයට මහත් අස්වැසිල්ලක් විය.

ඒ අනුව ඉන්දීය කුලහීන සමාජයේ පැවැති දුක්ඛිත තත්ත්වයට විසඳුමක් සෙවීමට මූලිකත්වය ගැනීමට අම්බෙඩ්කාර්තුමාට සිදු විය. එහිදී ඉන්දීය සමාජ ක්‍රමය කුමක් පදනම් කර ගෙන මෙවැනි සමාජ අසාධාරණකම්වලට යොමු වූයේ ද යන්න පිළිබඳ ඔහුට අවබෝධයක් ලබා ගත හැකි වූයේ ය.

හින්දු දහමේ පෙන්වා දෙන වර්ණාශ්‍රම ධර්ම එයට මූලික ම පදානුගතික සාධකය වූ බව එහිදී ඔහුට පසක් විය. මෙම තත්ත්වය පදනම් කරගෙන හින්දු ජනයා, තම සහෝදර ජනතාව පීඩාවට පත් කර ඔවුන් සමාජයේ ඉහළින් වැජඹීමත් පුහුණු මානයෙන් ජීවත්වීමට උත්සාහ දැරීමත් ධ්වනිත වේ.

මෙවැනි සමාජ ක්‍රමයට අම්බෙඩ්කාර් විරුද්ධ විය. ඒ බව ජර්මනියට ගොස් රහසේ සංස්කෘත ඉගෙනගෙන බමුණන් ඉදිරියේ සංස්කෘත භාෂාවෙන් කළ ප්‍රකාශයෙන් විශද වේ. “මුකනායක” පුවත්පතෙහි එම කියමන මෙසේ සඳහන් වේ. “මේ රට අසමානතාවයේ නිවාසස්ථානය යි. බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොව පීඩිත පන්තිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක වශයෙනි.

අම්බෙඩ්කාර්තුමා ස්වකීය සමාජ ක්‍රමය වටහා ගත් දිළිඳු කුලයෙහි උපන්නෙකි. නොයෙක් ගැහැට හමුවේ නොසැලුණු ඔහු ඉන් උගත් පාඩම වුයේ, මෙයින් මිදීමට හින්දු දහම අත්හැරීම යුතු බව ය. ඒ සමඟම මිනිසාට තම දුක්ඛ දෝමනස්සයන් ප්‍රකාශ කිරීමට ආගමක් අවශ්‍ය බව ද ඔහුට වැටහී ගියේ ය. ඒ අනුව හින්දු ආගම හැර තම වර්ගයාට පිළිගත හැකි ආගමක් දර්ශනයක් ගැන මෙතුමාගේ අවධානය යොමු විය. ඒ තමා වෙනුවෙන් නොව දුක්ඛිත කුලහීනයා වෙනුවෙන් ය.

මේ වකවානුව වන විට අම්බෙඩ්කාර්තුමා තිස් ලක්ෂයක් පමණ වූ කුල හීනයන්ගේ වීරයා බවට පත් වී සිටියේ ය. මක්නිසා ද යත් කුලහීනයන්ගේ දුක්ඛිත ජීවන තත්ත්වය වෙනුවෙන් ඔවුන්ගේ අසාධාරණකම් සඳහා කතා කිරීම හා පෙනී සිටීම හේතු කොට ගෙන ය.

උපන් දා සිට මිරිකෙමින් තිබූ දුක්ඛිත ඉන්දීය ජීවිත වෙනුවෙන් කෙ තරම් ඉල්ලීම් කළ ද බ්‍රාහ්මණ හින්දු වැඩවසම්වාදය ද, 1930 දශකය වන විට මතුව සිටි ඊනියා නායකකාරකාදීන් ද භීතියට පත්වන ඓතිහාසික යෝජනාවක් ක්‍රි.ව. 1935 ඔක්තෝම්බර් 13 දින මහාරාෂ්ටයේ නාසික් හි යෙවෝලා ප්‍රදේශයේ පැවති පීඩිත පන්ති නායක සමුලුවේ දී සම්මත කර ගැනීමට රාම්ජි වීරයාට හැකි විය. එනම්, “මේ සියලු සත්‍යග්‍රහ සටන් නවතා දමා අපට සුදුසු ආගමක් නිර්මාණයකර ගන්න යන්නයි”

මේ යෝජනාව සමස්ත දලිත් විමුක්ති ව්‍යාපාරය පුරාම පැතිර යන්නට විය. මේත් සමඟ ම අම්බෙඩ්කාර්ගේ කුලහීනයන් මුදවා ගැනීමේ ව්‍යාපාරය ඉන්දීය සමාජයේ අවධානයට ලක්වන්නට වීමෙන් නොයෙක් පිරිස් ඔහුගෙන් විවිධ ප්‍රශ්න නඟන්නට විය. එනම්, “කුල පීඩිත පන්තිය සිය ආගම වෙනස් කිරීමෙන් දිනා ගන්නට බලාපොරොත්තු වන්නේ කුමක් ද? වශයෙන් ය. එහිදී ඔහුගේ පිළිතුර වූයේ “ස්වරාජ්‍ය මඟින් ඉන්දියාව දිනා ගන්නේ කුමක් ද? ඉන්දියාවට ස්වරාජ්‍යය යම් තරමකට අවශ්‍ය වන්නේ ද එපමණකට ම කුලහීන ජනයාට ආගම වෙනස් කිරීම අවශ්‍ය වෙයි.

මෙම ව්‍යාපාර දෙකෙහි ම යටින් දිවෙන චේතනාව වනුයේ නිදහස ලැබීමේ අභිලාෂයයි” යන්න යි.

තම සරණට ආගමක් අවශ්‍ය වුව ද ඒ වන විට ඉන්දියාවේ හින්දු ආගම හැර වෙනත් ආගම් කිහිපයක් පැවැති අතර එයින් කුමන ආගමක් තෝරා ගන්නේ ද යන්න පිළිබඳව අම්බෙඩ්කාර්තුමාට ගැටලුවක් විය.

ඒ කුලහීන ජනයාගේ අයිතිවාසිකම් දිනා ගනිමින් නිදහසේ ජිවත් වීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූ නිසා ය. ඒ වන විට ඉන්දියාවේ පැවැති මුස්ලිම්, සීක්, බෞද්ධ, ක්‍රිස්තියානි ආගම් තම ආගම් වැළඳගන්නා ලෙස ඔහුට ආරාධනා කළහ. මේ අවස්ථාවේ හින්දුවරුන් ද නම්‍යශීලී ප්‍රතිපත්තියක් කුලහීන ජනයාට යොමු කරන්නට විය. එහෙත් මෙය රැවටීමක් බව තේරුම් ගත් අම්බෙඩ්කාර් තම ව්‍යාපාරය තවත් උද්යෝගීමත් ලෙස ඉදිරියට කරගෙන ගියේ ය.

අම්බෙඩ්කාර්තුමාගේ ජීවිතයට නව ආලෝකයක් උදා වූයේ බුදු දහමේ ඉගැන්වීම් අධ්‍යයනයත් සමඟ ය. බෞද්ධ දර්ශනය අධ්‍යයනය කිරීමට මෙතුමාට අවකාශය ලැබෙනුයේ කේ.ඒ. කෙලුස්කාර් විසින් රචිත “බුදුන්ගේ ජීවිතය” නමැති කෘතිය මඟින් ය. මෙම කෘතිය ක්‍රි.ව. 1907 විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමඟ ඔහු සතු වූ ග්‍රන්ථයකි. බොහෝ පොතපත පරිශීලනය කළ මෙතුමාට මෙය ඉතා අගනා ග්‍රන්ථයක් විය.