Print this Article


අංගුත්තර නිකායෙන්...

අංගුත්තර නිකායෙන්...

අංගුත්තර නිකායේ රෝහිතස්ස වර්ගයේ දුතිය කෝධගරු සූත්‍රයේ අසද්ධර්ම සතරක් ගැන සඳහන් ය. එනම්,

* ක්‍රෝධයට කැමැති ව සද්ධර්මයට අකැමැති වීම ය.

* ගුණමකු බවට කැමැති ව සද්ධර්මයට අකැමැති වීමය.

* ලාභයට කැමැති ව සද්ධර්මයට අකැමැති වීම ය.

* සත්කාරයට කැමැති ව සද්ධර්මයට අකැමැති වීම ය.

* එහි ම සද්ධර්ම සතරක් පිළිබඳව ද අවධාරිත ය. එනම්,

* සද්ධර්මයට කැමැති වී ක්‍රෝධයට අකැමැති වීම ය.

* සද්ධර්මයට කැමැති වී ගුණමකුබවට අකැමැති වීම ය.

* සද්ධර්මයට කැමැති වී ලාභයට අකැමැති වීම ය.

* සද්ධර්මයට කැමැති වී සත්කාරයට අකැමැති වීම ය.

* ලාභ සත්කාර කමැති, ක්‍රෝධ බහුල ගුණමකු භික්ෂුව යහපත් කෙනක පවුරන ලද ඇහැ වූ (පැළවීමේ ශක්තිය නැති) බීජයක් මෙන් ශාසනයෙහි නොවැඩේ.

* සද්ධර්මය ගරු කොට ඇති භික්ෂුහු පොළොවේ සෙනෙහස ලබා වැඩෙන ඔෘෂධ ජාතීන් මෙන් සද්ධර්මයෙහි වැඩෙති.