Print this Article


විළඳ මී පිඬු පූජාව

විළඳ මී පිඬු පූජාව

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් “විළඳ මී පිඬු පූජා” පුණ්‍ය උත්සවය පසුගිය දා රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී පැවැත්විණ. පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිගේ අනුශාසනා පරිදි විළඳ මී පිඬු පූජා පුණ්‍ය උත්සවයේ නිර්මාතෘ කදුළුගමුවේ සුමනතිස්ස හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මෙම පින්කම සිදු කළහ. මෙම අවස්ථාවට අඹගස්වැවේ පියරතන හිමි ඇතුළු මහා සංඝරත්නය හා ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.