Print this Article


පොත් විත්ති

පොත් විත්ති

තිසරණ වන්දනා ගාථා

ප්‍රාකාශකයෝ - සී/ ස ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

සසර දුක් නිවන නිවන් මඟ සාදන තිසරණ වන්දනා ගාථා සහ බෝධි පූජා ගාථා ඇතුළත් පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම කුඩා කෘතිය බොදු ජනයාගේ අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය.

 

 

 

 

 

 

 

****

බුදු මහ සව්වෝ

කර්තෘ - එච්. අමරවංස බැමිණිගල්ල

ප්‍රකාශකයෝ - සී / ස ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

වර්තමාන අධ්‍යාපනයේ නියැළෙන පාසල් දරුවන්ගේ බුදු දහමේ පෙළ පොත්වල වැදගත් චරිත ඇතුළත් මෙම ග්‍රන්ථය ඉතා සරලව ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ කර ඇත. බුදුරජාණන් වහන්සේ හතළිස්පස් වසරක් පුරා ලෝ වැසියනට සදහම් දේශනා කළහ. ඒ සදහම් මිහිර විඳ ගනිමින් අමාමහ නිවනට පත් ජනතාව බොහෝ ය. ඒ උතුමෝ බුදු මහ සව්වෝ වෙති යනුවෙන් කතුවරයා වැඩිදුරටත් කියයි.