Print this Article


බෞද්ධ සාහිත්‍ය උත්සවය - ශ්‍රී බු.ව. 2565/ 2021 සාහිත්‍ය කෘතීන් භාරගැනීම

බෞද්ධ සාහිත්‍ය උත්සවය - ශ්‍රී බු.ව. 2565/ 2021 සාහිත්‍ය කෘතීන් භාරගැනීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 15 වැනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී.

2020 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද බෞද්ධ සාහිත්‍ය පොතපත සඳහා ශාස්ත්‍රීය, නවකතා, පර්යේෂණ, පරිවර්තන , ළමා සාහිත්‍ය, ප්‍රබන්ධ, පද්‍ය, ගද්‍ය, කාව්‍ය යන විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඇගයීමට ලක්කොට ග්‍රන්ථ කර්තෘවරුන් උදෙසා ත්‍යාග හා සම්මාන පිරිනැමීම සිදු කරනු ලබයි.

2020 වසරේ දී ඔබ විසින් ප්‍රකාශයට පත් කරන ලද පළමු මුද්‍රණයට අදාළ ඉහත සඳහන් ක්ෂේත්‍රයන් වෙනුවෙන් ලියවුණු ග්‍රන්ථ පිටපත් දෙක බැගින් 2021 ජුලි මස 23 දිනට පෙර සම්මේලන මූලස්ථානයට භාර දිය හැක. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, 380, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.