Print this Article


ආචාර්ය බෝදාගම චන්දිම නා හිමියන්ගෙන් ප්‍රජා සත්කාරයක්

ආචාර්ය බෝදාගම චන්දිම නා හිමියන්ගෙන් ප්‍රජා සත්කාරයක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් 800ක් සදහා අවශ්‍ය වියළි ආහාර අඩංගු පාර්සල් සහ එම ප්‍රදේශයේ ගැබිණි මාතාවන්ට අවශ්‍ය උපරණ ද බෙදාදීමක් පසුගියදා තණමල්විල බෝදාගම ග්‍රාමයේ දී සිදු විය.මෙය සංවිධානය කර ඇත්තේ කැලණිය මානෙල්වත්ත නාගානන්ද විශ්ව විද්‍යාලයේ උප කුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් විසිනි. ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි අචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි, දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නයත් කොවිඩි නීති රීති වලට අනුගත වෙමින් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.