Print this Article


ප්‍රාචීන මධ්‍යම සමස්ත ලංකා දෙවන ස්ථානය ලබයි

ප්‍රාචීන මධ්‍යම සමස්ත ලංකා දෙවන ස්ථානය ලබයි

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් පවත්වන ලද ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් මුළු දිවයිනෙන් ම දෙවන ස්ථානය ලබා ගැනීමට මහනුවර අස්ගිරි මහාවිහාර මහා පිරිවෙනේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නියුතු දෙදියගල නන්දරතන හිමියන් සමත් වී ඇත. මහාවිහාර මහා පිරිවෙනේ පරිවේනාධිපති , අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමි ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත සිසුන් රාශියක් ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාගයන්හි දිවයිනේ ප්‍රමුඛයන් අතර රැඳෙමින් ඉහළ ප්‍රතිඵල දක්වා තිබීම සුවිශේෂී සිද්ධියකි.