Print this Article


සෝමවති රාජමහා විහාරස්ථානය

සෝමවති රාජමහා විහාරස්ථානය

ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩවසන පොළොන්නරු ඓතිහාසික සෝමවති චෛත්‍යරාජයාණන් අභියස මෙම 23 වන දින ඇසළ මහා පින්කමේ ආගමික කටයුතු ගුවන්විදුලිය මඟින් විසුරුවා හැරීමටත් වාර්ෂිකව පැවැත්වෙන දළදා පෙරහර සංකේතවත් කරමින් චෛත්‍යරාජ පෙරහර පැවැත්වීමටත් කටයුතු සූදානම් කර ඇත.

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ද ගුවන් විදුලියෙන් විසුරුවාහැරීමටත්, එදින භික්ෂූන් වහන්සේ උදෙසා වස් ආරාධනාව ද සිදු කිරීමටත් නියමිතව ඇත.

සෞඛ්‍ය උපදෙස් හා නිරෝධායන නීති රීතිවලට අනුව මෙම පින්කම සඳහා සහ සම්බන්ධ වී තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් කොරෝනා නැමති ව්‍යසනයෙන් සකල ලෝක ජනතාවටම සෙත සැලසේවායි යන ප්‍රාර්ථනාවෙන් මෙම මහා පුණ්‍යොත්සවය පැවත්වීමට අවශ්‍ය කටයුතු සලස්වා ඇති බව සෝමාවති රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති.