Print this Article


පුතුන් උපන්නා

පුතුන් උපන්නා

පුතුන් පතන්නා
අම්මලා පුතුන් පතන්නා
එඩි තෙද බල විදු පඬි නැණ
ගුණෙන් උපද්දා

පුතුන් ලබන්නා
වරිගෙම සතුටු කරන්නා
වාන් දමන වැව වාගෙයි
නිම් හිම් නැතුවා

කිරි කළ පෙව්වා
සත් පත්තිනි අම්මට වැඳලා
මායා බිසව බිම්බාවන්
ගුණ කඳ පෙව්වා

පුතුන් උපන්නා
තරුපති ලෙස බබළන්නා
සරතැස නිවමින් කතරෙහි
දන හද සනසා