Print this Article


අපේ දහම් පාසල

අපේ දහම් පාසල

දහම් ඉගෙන ගන්න තමයි දම් පාසල් එන්නේ
ගුරු මව්වරු ගුරු පියවරු සිත් පහදන්නේ
දහම් දැනුම අප හැමට ම නිසිලෙස දෙන්නේ
ගුරු හිමිවරු මෙහි වැඩහිඳ දම් ඇස පාදන්නේ

අධ්‍යාපනයට‍ ම තමයි කවුරුත් මුල්තැන දෙන්නේ
දහම් දැනුම තමයි සැමට දැන් දැන් අඩු වී යන්නේ
අනාගතේ දම් පාසල් වැඩි වැඩියෙන් ඇරඹෙන්නේ
දහම් දැනුම නොමැති වුණොත් කෙලෙසද ඉහළට යන්නේ

දහම් දැනුමෙ වටිනාකම හැම දින කියලා දෙනවා
දැනුම ලබා ගන්නට දැන් වැඩි වැඩියෙන් මෙහි එනවා
කිසිම දෙයක් නොලැබූවත් ගුරු සේවය සලසනවා
හැම ‍දානෙට වඩා උතුම් දහම් දානෙ ලැ‍බ දෙනවා