Print this Article


පූජාච පූජනීයානං

මොරකැටිආරේ සුමණානන්ද හිමි

ගල්කිස්ස පන්සල පාර ශ්‍රී සුගත ධර්මායතනයේ මොරකැටිආරේ සුමණානන්ද ස්වාමීන් වහන්සේ පැවිදි දිවිය ආලෝකවත් කරගනිමින්, අර්ථාන්විත ව කටයුතු කරන සුපේශල ශික්ෂාකාමී හිමි නමකි. තමන් වහන්සේ වැඩවෙසෙන විහාරස්ථානයේ දායක දායිකාවන්ට සේම අවට ජනයාගේ හිත සුව වෙනුවෙන් උන්වහන්සේ ආගමික, සාමාජීය වශයෙන් අපමණ සේවාවක නිරත වෙති.

ශ්‍රී විමලසිරි දහම් පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් තුළ සාර ධර්ම වැඩිදියුණු කිරීම සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, වෙසක්, පොසොන් පොහෝ දිනයන් හි විශේෂ ආගමික වැඩසටහන් සඳහා අනුශාසනා කිරීම තුළින් සාර ධර්ම, පිරුණු සමාජයක් සේම ගමේ ජනතාවට දෙලොව දියුණුවට ධර්ම දානය ලබාදීම ආදිය උන්වහන්සේ තුළ කැපී පෙනෙන ගුණ ධර්මයන් ය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන අසරණ පිරිසකට තමන් වහන්සේට හැකි පමණින් යම් පරිත්‍යාගයන් කිරීමට ද උන්වහන්සේ නිර්ලෝභී වූහ.

මොරකැටි ආරේ සුමණානන්ද හිමියන්ගේ ජන්ම දිනය යෙදෙන මෙම 18 වැනිදා සොබා අසිරිය නමින් ග්‍රන්ථයක් එළි දැක්වීමට ද උන්වහන්සේ කටයුතු කර ඇත. උන්වහන්සේට තවදුරටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඇප කැප වන්නට, බොදු ජනතාවට පිහිට වන්නට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා යි ප්‍රාර්ථනා කරමු.