Print this Article


සීගිරිය

සීගිරිය

තුරු හිස් මුදුන් පරදා ඉහළට නැඟුණු
මහ ගල් කුලකි, ජීවය සැමදා පිරුණු
පල බර තුරු රැසින් වට වී මල් පිරුණු
සීගිරි ගල දිලේ මහ වන මැද තුරුණු

පරදන්නට මළනු මුගලන් ගේ සේනා
සැදුවා බලකොටුව තැබුවා අවි මානා
බඳවා දිය අගල් තබලා මුර සේනා
ඔබ බිහි කළා එය ලෙස ඈතට පේනා

මුසු වී මද නලට උකහා සිසිල එයින්
සුදු පෙණ වළා පාවෙයි අප හිසට උඩින්
වැටුණත් හිරු කිරණ ගිර මත මහත් තදින්
නොදැනෙයි විඩාවක් සිසිලස හාත් පසින්

නටබුන් ගොඩනැඟිලි විසිරුණ ගල් කෑලී
තවමත් කුල මතෙහි ඇත තැන තැන බේරී
වැස්සෙන් තෙමී සියවස් ගණනක් වේළී
තිබුණත් සවිමත් ය නටබුන් ඇත බේරී

මේ නටබුන් කියන්නේ සිරි විභූතියයි
ලොව මවිතයට පත් කළ ඒ අතීතයයි
නිරිඳුන් මහ කසුප් කළ වැඩ සමූහයයි
අදටත් මේ පෙදෙසෙ මහ ජන සමූහයයි

නටබුන් වී ඇතත් මාළිග වැව් පොකුණු
තවමත් මැවේ සිරි එදවස තුළ තිබුණු
දකිනා විටදි ගල මත ඇති වැව් පොකුණු
විනිවිද දැකිය හැක රජුගේ මන තියුණු