[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මේ බුද්ධානුස්සතියට කාලය යි

කරුණාවන්ත පියතුමකු තම දයාබර දරුවන් අමතා අනුකම්පාවෙන් අවවාද කරන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේ ද තම ශ්‍රාවකයන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙසේ අවවාද කරති. මහණෙනි, ශ්‍රාවකයන් කෙරෙහි හිතවත් වූ අනුකම්පා සහගත වූ ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළ යුතු ද එය මා විසින් ඔබට කරන ලද්දේ ය. මහණෙනි, මෙන්න ගස්මුල්. මෙන්න හිස් වාසස්ථාන. මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද නොවන්න. පසුව විපිළිසර නොවන්න. මේ නුඹලාට අපගේ අනුශාසනාවයි. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසටම අවවාද කළේ “ඣායථ භික්ඛවෙ මා පමාදත්ථ” මහණෙනි, ධ්‍යාන වඩන්න ප්‍රමාද නොවන්න කියායි. මෙහිදී “ධ්‍යාන වඩන්න” යන්නෙන් අදහස් වෙන්නේ භාවනා කිරීමයි. භාවනාව යනු සිත වැඩීමයි. එසේ වැඩිය යුත්තේ කුසල් දහම් ය. සිත තුළ කුසල් දහම් වැඩෙන මූලිකම කාරණාව බුදුගුණ සිහි කිරීමයි. බුද්ධානුස්සතිය යනුවෙන් දක්වන්නේ එසේ බුදුගුණ සිහි කරමින් වැඩීමයි. බුද්ධානුස්සතිය වැඩීමෙන් උපචාර සමාධියකට ඉතා ඉක්මණින් පැමිණිය හැකි ය. බුද්ධානුස්සතිය වඩන විට ධ්‍යාන සිත් සමීපයෙහි හැසිරෙන සිතුවිලි පහළ වේ. “බුද්ධානුස්සති” යන වචනය සෑදෙන්නේ “බුද්ධ” හා “අනුස්සති” පද දෙක එකතු වීමෙන් ය. මෙහිදී “බුද්ධ” යන්නෙන් බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණස්ඛන්ධය අර්ථවත් වේ. “අනුස්සති” යනු නැවත නැවත සිහි කිරීමයි. මේ අනුව අපරිමිත බුදුගුණ නැවත නැවත සිහි කිරීම බුද්ධානුස්සතිය යි. බුදුගුණ සිහි කරමින් ඒ අනුව සිත වැඩීම බුද්ධානුස්සති භාවනාවයි. අනන්ත අපරිමිත වූ බුදුගුණ සාමාන්‍ය ලෝක සත්වයාට යම් තරමකටවත් අවබෝධ කර ගනු පිණිස සියලු බුදුගුණ කැටි කොට ගුණ නවයකට බෙදා දක්වා තිබේ. නවඅරහාදී බුදුගුණ යනුවෙන් ව්‍යවහාර කරන්නේ ඒ බෙදා දැක්වීමයි.


  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]