Print this Article


රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා ආලෝක පූජාව ජූනි 23,24 සහ 25 දිනවලදී

රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා ආලෝක පූජාව ජූනි 23, 24 සහ 25 දිනවලදී


මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්  පොසොන් පුර පසළොස්වක පෝදා පැවැත්වේ. මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවරද 59 වන වරට ජූනි 23 සිට 25 දක්වා තෙදිනක් තුළ පැවැත්වේ. 1963 වසරේදී ආරම්භ කරන ලද මෙහි සංවිධායකත්වය ලේක්හවුස් ආයතනය මඟිනි. බැතිබර දායකත්වය සපයනු ලබන්නේ ඩයලොග් ආයතනයයි. සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය විසිනි.

24 වැනිදා පස්වරු 6 ට මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කරනු ලබන්නේ ජනාධිපතිතුමා විසිනි. මීට සමගාමීව ජාතික රූපවාහිනිය මඟින් පොහෝ දින සජීවී වැඩසටහන් ද මෙහිදී විකාශය කෙරේ.

එම අවස්ථාවට ඇමැතිවරුන් වන ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරු ද ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ඇතුළු ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ආරාධිතයන්ද සහභාගිවීමට නියමිත ය.