Print this Article


නමදිමු පොසොන් දා අනුබුදු මිහිඳු හිමි

නමදිමු පොසොන් දා අනුබුදු මිහිඳු හිමි

ලස්සන පොසොන් සඳ අහසේ නැඟෙන විට
මිස්සක පව්ව මත පින මතුවිය අපට
දිස්වුනි දහම් මඟ පියතිස් නිරිඳු හට
රැස් විහිදෙයි තවම පින්බර ලෙස දැයට

සම මෙත වඩා හැම සත දුක කරන නිමී
අම මහ නිවන් මඟ පහදා හැඳීන ගමී
එම මඟ දෙසුව හද කරුණා ගුණෙන් තෙමී
නමදිමු පොසොන් දා අනුබුදු මිහිඳු හිමී