Print this Article


කළ පින් කඳ පවුරක් වේවා

කළ පින් කඳ පවුරක් වේවා

හිරු අවරට යන
සැන්ඳෑ කළුවරෙ
පහන් පැලේ පහනක් දල්වා
මුනිඳු පුදන ඔබෙ
සුපහන් දෑතට වෙර වීරිය
තව වැඩි වේවා
නිවනින් නිවෙන තුරා - ඔබ
මගේම මව වේවා

සසර පුරුද්දට පින්සර හදකට
පින් සිතුවිලි තව බෝ වේවා
දොහොත් මුදුන් දී නඟන සාදු හඬ
දෙව් බඹ තල තෙක් පැතිරේවා
නිවනින් නිවෙන තුරා - ඔබ
මගේම මව වේවා

බුදු හිමි පාමුල දැල් වූ පහන් සිල
භව අඳුරට එළියක් වේවා
නිවනේ රන්මඟ පාදා ගන්නට
සසර සයුරෙ පවුරක් වේවා
නිවනින් නිවෙන තුරා - ඔබ
මගේම මව වේවා