Print this Article


උකුවෙල සෞඛ්‍ය සේවකයන්ට සනීපාරක්ෂක ඇඳුම් කට්ටල

උකුවෙල සෞඛ්‍ය සේවකයන්ට සනීපාරක්ෂක ඇඳුම් කට්ටල

අදාළ සනීපාරක්ෂක ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය පරිත්‍යාග කිරීමෙන් පසුව සෞඛ්‍ය සේවකයකු රාජකාරී කටයුත්තක් සඳහා යෑමට එය සූදානම් කරගත් අයුරු. උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී කළුන්දෑවේ චන්දසිරි හිමි සහ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. විජේරත්න මහතා ද මෙහි වෙති.

කොවිඩ් 19 රෝග මර්දන කටයුතුවල නියැළී සිටින උකුවෙල ප්‍රදේශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අදාළ සනීපාරක්ෂක ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් පරිත්‍යාග කිරීම උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩලය විසින් පසුගියදා උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදු කරන ලදී. එම පරිත්‍යාගය සඳහා දායකත්වය ලබා දුන්නේ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් හා උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන් විසිනි.