Print this Article


බුදු මහිමය

බුදු මහිමය

බුදු හාමුදුරුවො පිළිබඳ මංගල කරුණු තුනක් වුණ වෙසඟ දිනේ
සුදු සුදු මල් පිපිලා ඇස සනසයි සුවඳින් නැහැයට සුවඳ ගෙනේ
පුදුමාකාරයි ගුණයට දහමට සෝබා දහමත් බඳින සෙනේ
ඉඳුරා ඒ දැන දැක මිනිසුන් ලෙස සැනසෙමු ගුණ දම් සිසිල ගෙනේ

ලොව ය කියන්නේ හරි විදියෙන් නම් අනියත දුකනත කියන තුනයි
තව මොනවද විමසීමට ඇත්තේ තුන් ලෝ ගුරු හිමි දෙසුව බණයි
අවබෝධය පිළිබඳ විමසීමෙ දී මෙකී ලකුණු තුන ඉහළ තැනයි
නිවන කියන්නේ මේ තෙලකුණු ගැන කිසි පරිහරණක් නොමැති වුණයි

පතා ම බුදුබව පුරා පෙරුම් දම් සාරාසකිකප් ලනෙන් වට
ආ මරු ගිරි මේකල ඇතු මාර සෙනඟ දැමු දසුන් කොට
හිතා හිතව ලෝකයේ සුදුසු අය පත් කරවාලු නිවන් ගෙට
ඉතාමත් ම මදි සිතේ ය තුන් ලෝ ගුරු පදවිය සම්බුදුන් හට