Print this Article


මව්පියන් දරුවන්ට දායාද කරන්නේහොඳම දෙය ද ?

මව්පියන් දරුවන්ට දායාද කරන්නේහොඳම දෙය ද ?

මව්පියන්ට මේ ලෝකයෙහි ඇති වටිනාම සම්පත දරුවන් ය. බුදුරදුන් එය දැක්වූයේ “පුත්තා වත්ථු මනුස්සානං“ යනුවෙනි. දරුවන් නැණවතුන් කරනවා සේ ම ගුණවතුන් කිරීම අවශ්‍යය. එසේ නොමැති වූ විට දරුවන් නිසා මව්පියන්ට අනන්තවත් පසුතැවීමට සිදුවීම ස්වභාවික ය.

මව්පියන්ට මේ ලෝකයෙහි ඇති වටිනාම සම්පත දරුවන් ය. බුදුරදුන් එය දැක්වූයේ “පුත්තා වත්ථු මනුස්සානං“ යනුවෙනි. දරුවන් නැණවතුන් කරනවා සේ ම ගුණවතුන් කිරීම අවශ්‍යය. එසේ නොමැති වූ විට දරුවන් නිසා මව්පියන්ට අනන්තවත් පසුතැවීමට සිදුවීම ස්වභාවික ය.

තමන් සමාජගත කරන දරුවන් මේ ජීවිතය තුළ අතිජාත හො අනුජාත දරුවන්වීම සෑම අම්මාකෙනෙක්ගෙම ප්‍රාර්ථනාවයි.

මෙහි දී දරුවා අවජාත දරුවෙක් එනම් ගුණයහපත් කම් අතින් දෙමාපියන්ට වඩා පහත් දරුවකු වෙනවාට මව්පියන් අකමැතිවේ. මෙහි දී මව්පියන්ට ලොකු වගකීමක් පැවරේ. දරුවා කුස පිළිසිඳගත් මොහොතේ සිට දෙමාපියන් කටයුතු කරන අයුරු ඇතැම් දෙමාපියන් මව්පියන් නොදනී. දරු පිළිසිඳ ගැනීමේ දී මෙන් ම කුස මෝරන කාලයේ දී දෙදෙනා සීලයෙහි පිහිටිය යුතු ය. අතීත ඇතැම් මව්වරු තමන් පළමුව පන්සිල් සමාදන් ව නැවත පන්සිල් ඉල්ලා සිටී. නැවත ඔවුන් පන්සිල් ඉල්ලා සිටින්නේ තම කුසහෝනා දරුවාට ය. මහාමායාව පිළිසිඳ ගැනීමේ සිට පෙහෙවස් සමාදන්වූවා ය. අච්චරියධම්ම සූත්‍රයේ දී දක්වනු ලබන්නේ කුස පිළිසිඳගත් දා පටන් මව්පිය එක්වීමක් හෝ සිදු නොවන බවයි. බිරිඳට බිළිඳාට සුදුසු නුසුදුසු දෑ පිළිබඳව සැමියා දැනුවත්වීම අවශ්‍යය. දකින සහ අසන දේ සෞම්‍ය විය යුතුය. දෙදෙනා ආරවුල් ඇති කර නොගත යුතු ය. කුස සිටි කාලයේ දී දරුවා මුහුණ දුන් කාරණා ඉපදීමෙන් පසුව කිව නොහැකි වූව ද ඒ අත්දැකීම් දරුවා තුළ ගැබ්ව පවතී.

දරුවන් හා මව්පියන් අතර සම්බන්ධතාව වැඩෙන ප්‍රධාන අවස්ථාව තම නිවසේ දී සිදු කරන බුද්ධ වන්දනා අවස්ථාවයි. බොහෝ මව්පියන්ට මේ මාහැඟි අවස්ථාව මඟහැරීයෑම කනගාටුවට කරුණකි. එමෙන් ම රාතී‍්‍ර කෑම ටික හෝ එක මේසයක වාඩි වී අනුභව කරනවා යන සිහියෙන් කළ යුතු ය. කෑම කන අවස්ථාවේ දී හෝ දරුවන් මව්පියන් මුණගැසීම අවශ්‍ය ය.

වර්තමාන ලෝකයේ මව්පියන් කාර්යබහුලත්වය මත දරුවන් හා මව්පියන් අතර දුරස්තබාව වර්ධනය වී ඇත. සියල්ල දරුවන් වෙනුවෙන් යැයි පවසා දෙමාපියන් කාර්යබහුල වී ආපස්සට හැරී බලනවිට දරුවන් අහිමිවීයාම සහ මඟහැරීයාම කනගාටුවට කරුණකි.

අනවශ්‍ය තරගකාරීත්වයෙන් මිදී මැදුම් පිළිවෙතේ කටයුතු කිරීම මත මේ තත්ත්වය මඟහරවා ගත හැකි ය. දරුවන්ගේ පූර්ව ආචාර්යවරු දෙමාපියන් ය. එහෙයින් ඔවුන් සැකසීමේ ලොකු කාර්යභාරයක් දෙමාපියන් සතු ය. සබ්‍රහ්ම සූත්‍රයේ දී දෙමාපිය කාර්ය මෙසේ දැක්වූහ. ආපාදකා, පෝසකා, ඉමස්ස ලෝකස්ස දස්සෙතාරෝ යනුවෙනි.

ලෝකය දැක්වීම, නිවැරැදි පෝෂණය, මෙහි දී ජානවිකෘති ආහාර, ක්ෂණික ආහාර ඉවත්කිරීම වැදගත් ය. ලෝකයා හමුවේ මෙහෙයවීම අවශ්‍ය ය. දරුවන්ට විවිධ නම් වලින් කතා කිරීම වරදක් නොවුණ ද දුව පුතා යනුවෙන් ඇමතීමට අමතක නොකළ යුතු ය. එසේ නොවුනහොත් එම දරුවන් උස්මහත්ව මව්පියන්ට ඔයා මෙයා ලෙස ආමන්ත්‍රණය කිරීම සිදුවීම සාමාන්‍ය වේ.

අම්මාගේ කාර්යභාරය කොටස් හතරකින් දැක්වේ. එනම් සුහදා, ජනෙන්ති, තෝසෙන්ති, පෝසෙන්ති. අම්මා යනු දරුවාට සුහදත්වය පාන, හොඳ උපතක් ලබාදී පෝෂණය කොට සතුටු කරන තැනැත්තියයි. ඇතැම් විට වර්තමාන ඇතැම් මව්වරුන්ට මේ යුතුකම අමතක ව ගොස් ඇත. සිඟාලෝවාද සූත්‍රයට අනුව දෙමාපියන්ගෙන් දරුවන්ට සිදුවිය යුතු යුතුකම් 05 කි. එනම් පවිටු කි‍්‍රයාවන්ගෙන් වළක්වා ගැනීම, යහපතෙහි යෙදවීම, ශිල්ප ශාස්ත්‍රය ලබාදීම, නිසි කල ආවාහ විවාහ කරදීම, දායාද පවරාදීමයි. එවිට මව්පිය දූ දරු සබඳතාව ශක්තිමත් වේ.

බෞද්ධ සමාජයට තම දරුවන් මනාව සැකසීම උදෙසා ඉහත දැක්වූ කාරණා සියල්ල යොදාගත හැකි ය.

ධෛර්යයෙන් යුක්තව තම ජීවිත නිවැරදිව මෙහෙයවන පිරිස් සසර තනි නොවේ. සම්මුතික ලෝකය තුළ සමාජ සම්බන්ධතා බැහැර කළ නොහැකි ය. එය වඩා හොඳීන් දැනෙනුයේ ලෙඩක් දුකක් හැදී අප අසරණ වූ විටය. කඟවේනකුට, උකුස්සකුට තනිව සිටි හැකි මුත් මිනිසාට එසේ සිටිය හැකි නොවේ. මානව සබඳතා අතින් ගත් විට පෙරදිග ඉතා විශේෂිත ය. දහමට අනුව ගත්විට බ්‍රහ්මදණ්ඩය බරපතළ දඬුවමක් වන්නේ කිසිවකු ඒ භික්ෂුව සමඟ කතා නොකරන නිසාවෙනි.

ඡන්න හිමියන්ගේ මානය පහව උන්වහන්සේ ආධ්‍යාත්මික ශක්තිය සකසා ගැනීමට කටයුතු කළේ මේ දඬුවම නිසාවෙනි.

පත්තනික්කුජ්ජන කර්මය ගිහියා උදෙසා සිදුකරන කර්මයකි. ගිහියන් කාරණා 8ක් පදනම් කරගනිමින් භික්ෂුවට චෝදනා කිරීම එසේ පැනවීමට හේතු වූහ. මෙය ප්‍රථම වරට පැනැවූයේ වඩ්ඪලිච්ඡවී කුමරුට ය. මේ බව ආනන්ද හිමියන් සැලකළ පසු ඔහු ක්ලාන්ත වූ බව සඳහන් වේ.

එය දරුවන් අතින් දෙමාපියන්ට සිදුවූව ද සමාජයේ කවර කණ්ඩායමකට සිදු වූව ද, ඔවුහු එයට අකමැති වෙති.

යතාර්ථය ගෙන බැලුවහොත් අප සියලු දෙනා ම සසර තනි වූ පිරිස් ය. එය මෙවැනි කාලසීමාවක දී වඩා වැඩියෙන් හඳුනාගත හැකි වේ. කෙනෙකුගේ රෝගී තත්ත්වයක දී සහ මරණයක දී එය වැඩි වශයෙන් දැනේ. එහෙයින් ධර්මයෙහි පිහිට සහ සදාචාරාත්මක ජීවිතයක් තුළින් සකසා ගන්නා ආධ්‍යාත්මික ශක්තිය මෙහි දී යොදාගත හැකි වේ. ඒ තුළ පාලුව කාංසිය ඉච්ඡාභංගත්වයත් ජීවිතයෙන් දුරු කරගත හැකිවේ. එසේ නොමැතිව පාළුව, තනිකම, හුදකලා බව නැති කර ගැනීමට යැයි සිතා මත්වතුරට ඇබ්බැහිවීම අනුචිත ය.

යම් විටෙක යමෙක් ඔබව ප්‍රතික්ෂේප කරන විට ඔබ මත් වතුරට සමීප වුවහොත් සමාජය තව තවත් ඔබ ප්‍රතික්ෂේප කරනු ඇත. එනම් ආර්ථික ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න වගේ ම හුදකලා බව තව තවත් වැඩි වේ.

විතක්ක සණ්ඨාන සූත්‍රය තුළ දී මේ කාරණා තේරුම් ගත හැකි සිත්ගන්නා උපමා කිහිපයක් දැක්වේ.

සිරුර සැරසීමට කැමති තරුණ ස්ති‍්‍රයක් හෝ පුරුෂයකු තම බෙල්ලේ එල්ලන ලද සර්ප කුණක්, බලුකුණක්, මිනිස් කුණක් දැක ලජ්ජාවට පත්වී එය ඉවත් කරන්නා සේ අකුසල සිතිවිලිවල ආදීනව මෙනෙහි කොට එය සිතෙන් ඉවත් කළ යුතු ය.

කිසිම කාරණයක් අමුතු ලෙස නොසිතිය යුතු වේ. එවිට මනස උමතුවෙයි. උමතු මනස දෙලොව ඇවැඩ සිදු කරයි. අල්ලා ගන්නා හැම දෙයක් ම යම් දවසක අත්හැරීමට සිදුවන බව තේරුම්ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එය එසේ වූව ද දෙලොව යහපත සැලසෙන සබඳතා රැක ගනිමින් ප්‍රඥාවෙන් කටයුතු සම්පාදනය කර ගැනීමට සැවොම වීර්යය වැඩිය යුතු ය.