Print this Article


සැපයට කැමැති නම්...

සැපයට කැමැති නම්...

අප බුදුරදුන් සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙකි. බුදුරදුන් දිනක් පිඬු පිණිස මාර්ගයෙහි වඩින අතර කලබලයට පත් ළමයින් පොලු අරගෙන නයකුට පහර දෙන්නට වූ අන්දම දුටුවහ.

ළමයින්ගේ මේ ක්‍රියාව දුටු උන්වහන්සේ සමීපයට ගොස් ගල් මුල් පොලු අරගෙන පහර දෙන්නේ ඇයි දැයි විමසූ සේක.

මේ මහා කලු නයෙක්, අපට දෂ්ට කරාවි. එවිට විස නැඟලා අප මරණයට පත් වෙනවා. ඒ නිසා මරා දමන්නට වුවමනා බව ළමයි බුදුරදුන්ට කීහ. ළමයින්ගේ පිළිතුර ඇසු බුදුරදුන්

ළමයිනි, ඔය ළමයින්ට කවුරු හරි ගල් මුල් පොලුවලින් පහර දී තළා පෙළනවාට කැමතිදැයි ඇසී ය. දුක් වේදනා ඇතිවන සේ ම මේ සතාත් දුක් වේදනා විඳීමට කැමැති නැහැ යනුවෙන් බුදුරදුන් විසින් වදාරන ලදී.

ඔය ළමයින් දුක් වේදනා විඳීමට අකැමැති සේ ම මේ සතාත් දුක් වේදනා විඳීමට කැමැති නැත. යනුවෙන් බුදුරදුන් මෙසේ පැවසුවේ ය. ඔය ළමයින් සැපයට කැමති මෙන්ම ඕනෑම සතෙක් සැපයට කැමතියි. කිසිම කෙනකුට හිංසා පීඩා කිරීම සුදුසු නැහැ යනුවෙන් දේශනා කොට සත්වයින්ට කරුණාව මෛත්‍රිය වඩන්නට අවවාද කළහ.

යමෙක් තමාට සැපය කැමැති නම් අන් සත්වයින්ට හිංසා පීඩා නොකළ යුතු ය.