[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ආධ්‍යාත්මය පිරිසුදු නොවේ නම් ජීවිතය අසාර්ථකය

සම්බුද්ධ ජීවිතය පුරාවට ම දැකිය හැක්කේ පරාර්ථකාමී දිවි පැවැත්මකි. උන්වහන්සේ සියලු රජ සැප අත් හැරියේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ දයාවෙනි. නායකත්වයන් අපේක්ෂා කරන්නන් විසින් තම ප්‍රධාන අරමුණ කොටගත යුත්තේ පරාර්ථ චර්යාවයි.. බුද්ධ චරිතය පරමාදර්ශී නායකත්ව ලක්ෂණ රැසකින් සමන්විත ය. නායකයකු ලෙස සාර්ථක වීමට නම් ආධ්‍යාත්මික ශක්තියක් අත්‍යවශ්‍ය ය. ආධ්‍යාත්මය පිරිසුදු නොවන තැන නායකත්වය තාවකාලික වනු ඇත. බුදුරදුන් තුළ පැවති නායකත්ව ලක්ෂණ සමුදාය අතර කරුණු කීපයක් ගෙන බැලුව ද නායකත්වය පිළිබඳ අවබෝධය සකසා ගැනීම පහසු ය. නිවැරදි දැක්ම, ආකර්ෂණීය කතාව, දුටුවන් පිනවන රූපය, නිවැරැදි තීරණ ගැනීම, පරාර්ථකාමීත්වය, චරිතවත් බව, ආදර්ශවත් බව, අටලෝදහමෙන් කම්පා නොවීම, මහාකරුණාව, ඍජු මෘදු බව, අගතිගාමී නොවීම, නිරහංකාර බව, සමානාත්මතාව, යථාවාදී කතාකාරී බව මෙම කාරණා බොහෝ කෙනෙකුට වහා අවබෝධ වනු සුළු ලක්ෂණයන් ය. එසේ ම එදිනෙදා තමන්ගේ ජිවිතවලට වඩා පහසුවෙන් එකතු කරගත හැකි කාරණා ය. බුදුරදුන් ගේ දැක්ම වූයේ තමන් සසර දුකින් මිදී අනෙකා එයින් මුදවාගැනීම ය. බුද්ධත්වයට පෙර සිට ම එම දැක්මෙහි වෙනසක් නොවීය. තමන් කුමන ක්ෂේත්‍රයක කටයුතු කළ ද එයට අදාළ දැක්මක් අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව නායකයකු විය නොහැක. නායකත්වය යනු වගකීමකි. එසේ නොමැතිව එය ආභරණයක් සේ සලකා කටයුතු කිරීම යෝග්‍ය නොවේ. බුදුරජාණන් වහන්සේ ආකර්ෂණීය කතා විලාසයෙන් යුක්ත වූහ. යම් කෙනෙක් උන්වහන්සේ සමීපයට පැමිණි පසු උන්වහන්සේ පළමුව සිනාසුණහ. කතා කිරීමට පෙර කතා කළහ. උදව්වක් ඉල්ලීමට පෙර උදව් කළහ. එක් අවස්ථාවක කොසොල් රජු බුදුරදුන්ට ප්‍රකාශ කළේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන විට භික්ෂූන් කිවිසුම් හඬක්වත් පිටනොකරන බවයි. එතරම් ම උන්වහන්සේගේ හඬ මධුර විය. එසේ මධුර හඬක් උන්වහන්සේට ලැබෙනුයේ සසර කවදාවත් වචනය අවභාවිත නොකළ හෙයිනි.


   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]