Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය ජූනි මස 16 සිට 20 දක්වා

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය ජූනි මස 16 සිට 20 දක්වා

සියම් මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජූනි මස 16, 17, 18, 19, 20 යන දිනයන්හි අතිපූජ්‍ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාරාභිධාන මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ. උපසම්පදාපේක්ෂක ආයුෂ්මතුන් වහන්සේලාගේ ආචාර්ය භාරකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා උපසම්පදා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලුම්පත්‍ර ලබාගෙන සම්පූර්ණ කොට අප්‍රේල් මස 31 වැනි දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරී, මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය, වැල්මිල්ල හන්දිය(බණ්ඩාරගම) යන ලිපිනයට එවිය යුතු ය.