Print this Article


පිරිවෙන

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.

[email protected]

බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

සිල්වත් භික්ෂු තෙම...

යම්කිසි භික්ෂුවක් තුළ ඉන්ද්‍රිය සංවර සීලය නැති කල එය වැට නැති ගොයමක් මෙන් රැකෙන්නේ නැත.

දොරවල් හැරදමා තිබූ කල්හි ගෙවල්වල තිබෙන වස්තුව සොරුන් විසින් පැහැරගනු ලබයි. වහළ සෙවිලි නො කළ කල්හි තෙමෙන්නාක් මෙන් සීලය රහිත සිත රාගයෙන් තෙමේ. ඉන්ද්‍රිය සංවර සීලය රැකගත් කල්හි වැට ඇති ගොයම මෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය භික්ෂුව රැක ගනී.

සීලය ආරක්ෂා කිරීමේ දී කිරලා තමන්ගේ බිත්තර ආරක්ෂා ඇතිව රකින්නාක් මෙන් ද, සෙමර මුවා විසින් ස්වකීය වලිගය ආරක්ෂා කර ගන්නා මෙන් ද, මව්පියවරු තමන්ගේ එකම පුතු රකින්නාක් මෙන් ද, එක ඇසක් ඇති පුද්ගලයා තම එක ඇස රැකීමට උත්සාහ දරන්නා සේ ද, එලෙසින් සීලය රකින්නා විසින් බුද්ධාදි කෙරෙහි ගෞරවයෙන් පි‍්‍රයශීලිත්වයෙන් එම සීලය රැකගත යුතු බවත් එයට බොහෝ ආනිශංස ලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

අප්‍රමාදයෙන් මහත් වූ භෝගස්කන්ධය ලබන බවත් එය පළමු ආනිශංසය ලෙස ද, කල්‍යාණ කීර්ති ඝෝෂාවක් තමන් කෙරෙහි පැන නඟින බවත්, එය දෙවැනි ආනිශංසය ලෙස ද, එමෙන්ම සිල්වතා ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ,ක්ෂුද්‍ර,ශ්‍රමණ, කොයි කණ්ඩායමක් අතර සිටිය ද තමන්ගේ ඒ සිල්වත්කම වෙනුවෙන් ගෞරවය ලැබෙන බවත් එය හතරවැනි ගුණය ලෙසද, ඒ වගේම සිල්වත් තෙමේ කළුරිය කිරීමේ දී සිහියෙන් යුතුව මියයන බවත් පස්වනුව මරණින් මතු නියත වශයෙන්ම ස්වර්ගයේ උපදින බවත් සඳහන් වෙනවා.

එනිසා භික්ෂූන් වහන්සේ නමක් තම සීලය ආරක්ෂා කර ගනිමින්, තමාගේ ජීවිතය කුඩා කල සිටම බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පවත්වාගත යුතුයි.

****

පරිවේණාධිපති හිමිවරු දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

පිරිවෙන්වල ද්විභාෂා අධ්‍යාපන ක්‍රමය ප්‍රචළිත කිරීම සඳහා පිරිවෙන් ඒකකයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව ලංකාවේ සියලු පළාත් නියෝජනය කරමින් පරිවේණාධිපති හිමිවරු සිය නම බැගින් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයට වැඩමවා දැනුම්වත් කිරීම සිදු වේ. මෙතෙක් සිංහල භාෂාවෙන් පමණක් අධ්‍යාපනය ලබාදුන් පිරිවෙන්වලට මෙය නවමු ඇත්දැකීමක් වෙනු ඇති.

මෙහි වැඩසටහන් තුනක් මේ වන විට පවත්වා අවසන් කොට ඇත. ඒ අනුව පිරිවෙන් තුන්සියයක පරිවේණාධිපතිවරු දැනුම්වත් කිරීම අවසන්කොට ඇත. මෙම වැඩසටහන ක්‍රියාත් කිරීම සඳහා පිරිවෙන් ඒකකය අනුශාසකත්වය සපයන අතර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න, නියෝජ්‍ය අධක්‍ෂ ජනරාල් දර්ශන සමරවීර යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ද්විභාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ජී.එච්. අශෝකා මහත්මියගේ මූලිකත්වයෙන්, පිරිවෙන් අධ්‍යාපන එක්කයේ සහයෝගයෙන්, සිංහල භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්. ආර්. ඩබ්ලිව්. මද්දුම මහත්මා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදුකරගෙන යයි.

****

සාමණේර බණ දහම් පොත

දර්ශනීය නව සංස්කරණය

සංස්කාරක ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි

සහාය සංස්කාරක පණ්ඩිත ඇඹිලිපිටියේ සුජාත හිමි

මහණකම යනු ලොවේ ඇති හැම නමකට ම වඩා උතුම් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ උතුම් මහණකම ලබන්නේ පෙර මහා පිනකින් ම ය.

කුඩා කල සිට ම යහපත් ගුරු ඇසුරින් හොඳට සිල් සපුරමින් සංවරව කීකරුව ඒ පැවිදි දිවිය රැක ගත්තොත් පුර පස වැඩෙන සඳ මඬල මෙන් ඒ පැවිද්ද ලොව එළිය කරන බව බුදුරදුන් වහන්සේ වදාළහ. පැවිද්දද ඉතා නිදහස් නොවහල් දිවියකි. පරාර්ථ චරියාවෙන් පිරුණු දිවියකි. සැදැහැවතුන්ගේ සිව්පසයෙන් යැපුණ ද අභිමානයත් අනතිමානයත් තෘප්තියත් සපිරුණු ජීවන චර්යාවකි. සිල්වත් උගත් ගුණවත් පැවිද්දා දඹරන් කඩක් හා සමානව අගය කළ හැකි. එහෙත් මිල කළ නොහැකි

සුපුෂ්පිත පුෂ්පයකි.

සිත් පුබුදු කරවන අයුරින් නවතායෙන් යුතුව සැකසුණු මේ සාමණේර බණ දහම් පොත අපේ පුංචි හාමුදුරුවන්ගේ උතුම් ගමන් මඟට මා හැඟි එළියක් දල්වන රුවන්මුවා පහන් ටැඹක් ම වන බව ඉතා ළෙන්ගතුව සඳහන් කරනු කැමැත්තෙමි.